Colombo Today Local News

ටෙලෝ කොන්දේසි පිළිගන්න බැහැ: පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා…. ශිවාජිලිංගම් කියයි

ටෙලෝ පක්ෂය වරින් වර තමන්ට ඉදිරිපත් කරන කොන්දේසි පිළිගැනීමට තමන් සූදානම් නොමැති නිසා පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන පුද්ගලයකු හැටියට දේශපාලනයේ නිරත වන බව ජනාධිපති ධුර අපේක්ෂක එම්. කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය.

 යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප‍්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යාපනයේදී ටෙලෝ සංවිධානයේ ලේකම්වරයා හමුවී ටෙලෝ පක්ෂයෙන් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වෙත භාර දෙන බවයි.

 තමන් දේශපාලනයට පිවිසියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට මිස මුදල් හම්බ කිරීමට නොවන බව කී ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා ජනතාවට සේවය කිරීමට පක්ෂයක් අවශ්‍යම නැති බවද සඳහන් කළේය.

 මේ වන විට උතුරු නගෙනහිර දෙමළ වැසියන් වෙනුවෙන් කතා කිරීමට කිසිම ජනාධිපති අපේක්ෂකයකු නොමැති නිසා ඉදිරි දිනවලදී තමන් ඒ කටයුත්ත ආරම්භ කරන බවද ඔහු පැවසීය.

 දෙමළ ජාතිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සියලූම දෙමළ දේශපාලන පක්ෂ සතුටු විය යුතු නමුත් ඔවුන් සියලූ දෙනාම දැන් තමන්ගේ කකුලෙන් අදින බවද ශිවාජිලිංගම් මහතා පැවසීය.

 ඔවුන් එසේ කරන්නේ දේශපාලනය මුවාවෙන් සල්ලි හම්බ කිරීම හා විවිධ තනතුරු ලබා ගැනීමට යෑමේදී තමන්ගේ දේශපාලන ක‍්‍රියාවන් ඔවුන්ට විශාල බාධාවක් වීම නිසා යැයි ද ශිවාජිලිංගම් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

“උතුරෙන් හමුදාව ඉවත් කරන්න” ඊළාම්වාදියෙක් ඇමති මංගලගෙන් ඉල්ලයි

colombotoday

මනුෂ්‍ය ඝාතන 12ක් සිදුකර නිදැල්ලේ සිටි ‘තංගල්ලේ සුද්දා’ අත්අඩංගුවට

colombotoday

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකුලව භුක්ති විඳීම වළක්වාලමින් හදිසි නීතිය අවභාවිතා කිරීම හෙළා දකිනවා

colombotoday

වරාය නගර පනතට පක්ෂ උන ඉෂාක් රහුමාන්ගේ සහ අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

අතුරුදන් වූවන්ගේ පනත සම්මත වීම ගැන බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පොරාව සතුටින් පිනා යයි

colombotoday

ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛණිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ නිසා

colombotoday