Colombo Today Local Newsජනාධිපතිවරණය

Artificial Intelligence පෙන්නන්න ගිහින් හත්පොළේ ගාගනී… උගතුන් හා තරුණ පරපුර ගොනාට ඇන්දුවේ යැයි චෝදනා !

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

උගත් බුද්ධිමත් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ට Artificial Intelligence Management Dashboard පිළිබද විස්තර ඉදිරිපත් කිරීමට VFX ප්‍රයෝග අවශ්‍ය නැහැ.

අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික මහතාගේ සංකල්පයක් ලෙස “Mega Minds” නම් ඉදිරි ජනාධිපතිවරණය අළලා ක්‍රියාත්මක වන වැඩසටහනක උගත් බුද්ධිමත් තාක්ෂණ වෘත්තීයවේදීන් පිරිසකට ආරාධනය කොට ඔවුන් ඉදිරියේ ඉදිරි අනාගතයේදී පොදු මහජනයාගේ ගැටළු විසදීමට Artificial Intelligence Management Dashboard නම් කෘතීම බුද්ධි පරිගණක වැඩසටහනක් යොදාගන්නා බව පවසමින් එම උගත් බුද්ධිමත් වෘත්තීයවේදීන් සහ වෙනත් ඉහල නිලධාරින් ඉදිරියේ Adobe After Effects වැනි වීඩියෝපටවලට දෘශ්‍ය ප්‍රයෝග එක්කිරීමට යොදාගන්නා මෘදුකාංග සහ ඒ සදහා භාවිතා කරන අන්තර්ජාලයේ මිලදී ගැනීමට තිබෙන සංරචක භාවිතාකොට නිර්මාණය කරන ලද යම් යම් දත්ත කිහිපයක් ප්‍රදර්ශනය වන VFX වීඩියෝ පටයක් සහ තිරය පිටුපස සිට රොබෝවරයෙකු ආකාරයෙන් කතාකරන පුද්ගලයාගෙන් පෙනී යන්නේ එම වැඩසටහනට සහභාගී වූ උගත් බුද්ධිමත් යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් පිලිබදව වගකීම් දරණ දනුෂ්ක රාමනායක මහතා විසින් හදුන්වාදෙන ලබන පිරිසෙහි කිසිදු උගත් බුද්ධිමත් භාවයක් නොමැති බවයි.

නැතහොත් එය ඉදිරිපත් කිරීමට කටයුතු කල දේශපාලකයන් Artificial Intelligence නොහොත් කෘතීම බුද්ධි තාක්ෂණය පිලිබදව හෝ වෙනත් තාක්ෂණයන් පිලිබදව මනා දැනුමක් නොමැති පුද්ගලයන් බව දනුෂ්ක රාමනායක මහතා විසින් දිරිපත් කර තිබෙන ප්‍රකාශය අනුව පෙනී යයි.

උගත් බුද්ධිමත් වෘත්තීයවේදීන් හා උසස් නිලධාරින් හට ජනතා ගැටළු විසදීමට Artificial Intelligence තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු කරනවා යැයි පෙන්වාදීමට VFX ප්‍රයෝග ප්‍රදර්ශනය කිරීමට හෝ සැබෑ Artificial Intelligence Management Dasboad වැඩසටහනක් නිර්මාණය කොට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර එසේ සිදුකිරීමට බලාපොරොත්තු වනවා යන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මගින් එලි දැක්වීම හෝ එම පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කිරීමේදී Artificial Intelligence තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු කරන බව පැවසීම ප්‍රමාණවත් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් දැනුම් දීමට කැමති අතර. මෙලෙස ජනතාව තොරතුරු තාක්ෂණ විෂය නොදන්නා පිරිසක් සේ සලකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් හෝ එම අපේක්ෂකයන්ගේ මැතිවරණ කටයුතු මෙහෙයවන පුද්ගලයන් ක්‍රියාකිරීම අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස තරයේ හෙලා දකිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related posts

තහනම් ග්ලයිෆොසෙට් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

ගෑස් මිල වැඩිවෙන්නේ නෑ – රජයෙන් සහතිකයක්

colombotoday

රටම පිළිකුල් කරන රාජිතගේ කතාවට ජනපතිගෙන් සැර ටොක්කක්… රාජ්‍ය මාධ්‍යටත් දොස්…

colombotoday

‘නබිතුමාණන් විශිෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකි, එතුමා ආදර්ශයට ගෙන උතුම් සමාජයක් හදමු’ – අගමැති

colombotoday

ශ්‍රීලනිපයත් පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින් එයි !

colombotoday

උතුරු – නැගෙනහිර ඉඩම් 2019ට පෙර නිදහස් කරන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday