ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය තවම ඉවත් කරගෙන නැති බවත් එබැවින් ඔහුට එරෙහිව අධිකරණයේ තවත් නඩුවක් පවරන බවත් ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
එනිසා ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාට කුමක් සිදුවේ දැයි නොදන්නා බව ද ඔහු කියා සිටියේය.
ජනහමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.