Colombo Today Local News

ඇවන්ගාඩ් සිද්ධියෙන් මැතිවරණ කාලයේ වාසිගන්න හැදුවා, ඒ ගැන කටපියාගෙන සිටීම ගැන කණගාටුයි

1447097225BUP_DFT_DFT1F1පසුගිය මැතිවරණ සමයේදී ආණ්ඩුව ඇවන්ගාඩ් සිදුවීම වාසිදායක ලෙස යොදා ගනිද්දී නිහඩව සිටීම තමන් අතින් සිදුවූ වරදක් බව තිලක් මාරපන මහතා ප්‍රකාශ කරයි. සිය ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීම  පිළිබදව දැන්වීම සදහා ඊයෙ කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී ඇවන්ගාඩ් සමාගම නීත්‍යානුකූලනම් පසුගිය මැතිවරණ සමයේදී ආණ්ඩුව එය වාසිදායක ලෙස යොදා ගනිද්දී නිහඩව සිටියේ මන්දැයි මාධ්‍ය වේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා ඇත.

දිනකට 30 වතාවක් පමණ මෙම නෞකාවෙන් නාවික හමුදා හා රක්නා ලක්නා සමාගමේ අය මෙම නෞකාවෙන් අවි රැගෙන බෝට්ටුවල ආධාරයෙන් රැගෙන යන බවත්, නැවත රැගෙන එන බවත්, එම කටයුත්ත මේ මොහොතෙත් සිදුවන බවත් ඔහු ඔහු එහිදී ප්‍රකාශ කලහ.  ගාල්ල වරායේ පොලීසිය පවතින්නේ මෙම නැවට මීටර් 100 ක් පමණ දුරින් නිසා මේ මෑත කාලය වන තෙක් ඔවුන් මෙය නොදැක්කා යයි සිතීම සැක සහිත බැවින්, මෙය ලදිසියේ වටලා ලකුණු දා ගත්තාදැයි සිතෙන බව ඔහු සඳහන් කළේය.

තමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්‍ය මගින් ක්‍රියා කළ බැවින්, මඩ ගා ගැනීමට අකමැතිව ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, මාධ්‍ය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

ඇවන්ට්ගාඩ්  සමාගමෙන් රක්නා  ලංකා සමාගමට 18%ක් හා නාවික හමුදාවට 18% ක් පමණ වන ලෙස පිරිවැටුමක් හිමිවුණු බව තමාට මතක යයිද, එම මුදල දල වශයෙන් බිලියන 3.8 ක පමණ මුදලක් බවත් මාරපන මහතා පෙන්වා දුන්නේය.

මෙම නෞකාවේ පවතින්නේ විදේශ සමාගම්වලට අයත් නමුත් ලංකා රජය මගින් සහතික කළ නීත්‍යනුකූල අවි බවත්, ඒ බව තමන් පෙන්වාදී ඇති බවත්, අද දක්වාම නෞකාවේ කටයුතු නිසි ලෙස සිදුවන්නේ ඒ නිසා බවත් හෙතෙම අවධාරණය කළේය. කෙසේ වෙතත් ලංකා ආණ්ඩුවෙන් සත පහක හෝ වියදමක් නැතිව මෙමගින් විශාල ආදායමක් රටට ලැබුණු බවත්,  2014 දෙසැම්බර් වන විට එය බිලියන 3.8 ක් පමණ වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

සමාජ මාධ්‍යයෙන් කාන්තාවන්ට මඩ ප්‍රහාර එල්ලකරන්නන් ගැන වැඩි අවදානයක්

colombotoday

තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි

Admin

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday

පොල් හිඟය තව මාස තුනක්

Admin

මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරය යළිත් ජගත් පුෂ්පකුමාරට

colombotoday

“කථා දමනවා විතරයි, මේ ආණ්ඩු පොජ්ජත් වැඩක් නෑ” වන්නියලෑත්තෝ යහපාලනය ගැන කළකිරීමෙන්

colombotoday