Colombo Today Local News

සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් රිමාන්ඩ්… රංගිරි දඹුල්ල ජාතික පාසලේ හර්තාලයක් !

සිසුවෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය දක්වා රංගිරි දඹුල්ල ජාතික පාසලේ ගුරුවරුන් ඉගැන්වීම් කටයුතුවලින් බැහැර වී අද දිනයේ විරෝධතාවයක නිරත විය.

එම පාසලේ ශිෂ්‍ය විනය ගැටළුවකදී, විනය කමිටුවේ ගුරුවරයෙකු විසින් සිසුවෙකුට දඩුවම් කර ඇති අතර, එම සිසුවා රෝහල් ගතවීම හේතුවෙන් අදාළ ගුරුවරුයා අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

ගුරුවරුන් රාජකාරියෙන් බැහරව වුවද ගලේවෙල කලාප අධ්‍යක්ෂ කාර්ය්‍යාලයේ හා දඹුල් ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යාලවල රාජ්‍ය නිළධාරීන් පාසල තුල සිසුන්ලග් ආරක්ෂාව හා විනය පිළිබද දැඩි කැපවීමකින් කටයුතු කල බවද වාර්තා වේ.

කෙසේ වෙතත් පාසල් ආරංචි මාර්ග සදහන් කරන්නේ පාසලේ කිර්ති නාමයට හානි කිරීමේ අරමුණින් යම්කිසි පිරිසක් මාස කිහිපයක පටන් යම් සිදුවීම් පාසල් තුල ඇති කරමින් සිටින බවයි.

Related posts

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin

වකුගඩු ජාවාරම්කරුවෙක් රට පනින්න යද්දී මාට්ටු

Admin

දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද, රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා. | කල්‍යාණවංශ පාර්ශවය කියයි.

colombotoday

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි.

colombotoday

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday