Uncategorized

සජිත්ගේ කැම්පේන් මැනේජර් මලික් !

එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කළමනාකරු වශයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම පත්කර ඇත. 

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28)  රන්ජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාගේ නිවසේ පැවති එක්සත් ජාතික පෙරමුණ නායකයින්ගේ සාකච්ජාවේදී ඒකමතිකව එම තීරණය ගෙන තිබේ.

එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, රාජිත සේනාරත්න, රන්ජිත් මද්දුම බණ්ඩාර, චම්පික රණවක, පි.දිගම්බරම්, රිෂාඩ් බද්දුර්දින් යන අමාත්‍යවරුන් මෙම රැස්වීමට සහභාගිවී තිබිණ.

වසර 50කට වැඩි කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සමීපතම මිතුරකුවන මලික් සමරවික්‍රම, එකසත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයා ද වේ.

Related posts

ඉන්ධන නිකුත් කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් පණිවුඩයක්

colombotoday

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව එලවා දමයි

colombotoday

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday

කෙරවලපිටිය විදුලි බලාගාරයත් වැසෙයි

colombotoday

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය වෙයි.. සියළු ආයතන එකම දත්ත ජාලයකට… දක්ෂයන්ගෙන් සැදුම්ලත් ‘නිපුණතා සංචිතයක්‘ !

colombotoday

From Andes to Amazon: trekking through the Bolivian jungle

colombotoday