Colombo Today Local News

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවෙක් අසාධ්‍යව රෝහලේ

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් පිළිරුව අසල මාරාන්තික උපවාසයේ නිරතව සිටි ආබාධිත

රණවිරුවකුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ඊයේ (26 දා) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ගිලන් රථයක් ගෙන්වා මෙලෙස රෝහල්ගත කරනු ලැබුවේ දිනේෂ් දයාරත්න නමැති ආබාධිත රණවිරුවෙකි.

රණවිරු අයිතිවාසිකම් සුරැුකීමේ ජාතික බලවේගය ආරම්භ කළ උපවාසයට අමතරව ආබාධිත රණවිරුවන් 5 දෙනකු මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 24 වැනිදා රාති‍්‍ර 8.00 ට ය.

මෙහිදී ආබාධිත රණවිරුවන් වන ඞී. ඞී. තුෂාර, එම්. ඞී. ජී. එස්. කරුණාරත්න, ආර්. එම්. එස්. එන්. රාජගුරු, පී. ආර්. එස්. පී. රුවින්ද සිල්වා සහ රෝහල්ගත කළ දිනේෂ් දයානන්ද යන රණවිරුවෝ මාරාන්තික උපවාසය ආරම්භ කළහ.

රෝහල්ගත කළ ආබාධිත රණවිරුවා වෙනුවට ඊයේ පස්වරු 2.00 සිට සී. පී. පී. පුංචිහේවා ආබාධිත රණවිරුවා මාරාන්තික උපවාසයට එක්විය.

Related posts

අරණායක කන්ද යලිත් නාය යයි – හමුදාව ආරක්ෂක ස්ථාන කරා කැදවේ

colombotoday

SB හා ඩිලාන් පොහොට්ටුවට

colombotoday

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin

ග්‍රාම නිලධාරි එක්ක හොරෙන් රට පනින්න ගිය 11කට වැඩ වරදී

Admin

හදිසි අවශ්‍යතාව මත බන්ධනාගාර නියාමකයන් බඳවා ගැනීමට තීරණයක්

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday