Colombo Today Local NewsTop Stories

ගුරුකන්ද විහාරධිපතිගේ ආදාහනය කලොත් සාමය කඩ වේවි. පැමිණිලි නැතිව තහනම් නියෝගය ගෙන ඇත්තේ මුලතිව් OIC ගේ උවමනාවට

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදු කළහොත් සාමය කඩ වීමට ඉඩ ඇති බවට පසුගිය ඉරිදා දින මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත්තේ මුලතිව් පොලිස් ස්ථානාධිපති සේනාධිපති ද සිල්වා බව වාර්තා වෙනවා.

මුලතිව් OIC සේනාධිපති ද සිල්වා

පසුගිය සඳුදා අධිකරණයේ නඩුව කඳවු අවස්ථාවේදී විහාරස්ථානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින් ඉරිදා අධිකරණයට කරුණු දක්වන අවස්ථාව වන විට ආදාහන පූජෝත්සවයට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් පොලිසියට ලැබී නොතිබුණු බවට පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයේදී පිළිගෙන ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය අදාහන පූජෝත්සවයට සහබාගි වූ භික්ෂුන් වහන්සේලාගේ දැඩි විවේචනයට ලක්වූ අතර පොලිසියේ මෙම ක්‍රියාව හේතුවෙන් සිංහල සහ දෙමල ජනතාව ප්‍රකෝප ගැන්වූ බවට චෝදනා එල්ල විය.

Related posts

ඇමරිකා තානාපතිනිය හා ජනපති අතර හමුවක්

colombotoday

සැකකරුවෙකු අත්අඩංගුවේදී මිය යාම – පූගොඩ පොලිසියේ සැරයන්වරයෙකු ඇතුළු 8ක් අත්අඩංගුවට

colombotoday

පළාත් සභා මැතිවරණය එපා – පො.ජ.පෙ.න් යෝජනාවක්

colombotoday

ජාතික ආණ්ඩුවක් හැදීම ස්ථීරයි… එම ආණ්ඩුවේ ඇමතිකමක් වෙනුවෙන් සටන් කරනවා

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

Admin