Uncategorized

TNA විරෝධය මැද මුලතිව් නාහිමි දේහය විහාර භූමියේම ආදාහනය කරයි….

අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය දෙමළ ජාතික සන්ධානයේ අධාරකරුවන්ගේ විරෝධය මැද විහාරස්ථානය භූමියට අයත් පැරණ වැව අසලදී අද සිදු කෙරිණි.

ආදාහනය විහාරස්ථාන භූමිය තුළ සිදු නොකර අසල වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කර තිබුණේ, ආදාහන කටයුතු විහාරභූමිය තුළ සිදුකිරීම අත්හිටුවමින් ලබා දී තිබූ නියෝගය විභාගයට ගත් අවස්ථාවේදී යි.

එහිදී පැමිණිලිකාර මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාව වෙනුවෙන් අධිකරණයේ සිටින දෙමළ නීතීඥයින් 15 දෙනෙකු පමණ පෙනී සිට ඇති අතර ඔවුන් ඉතා අන්තවාදී ලෙස උසාවිය තුළ අදහස් දැක්වූ බවද වාර්තා වනවා, . එසේම විත්තිකාර පාර්ශ්වය වන විහාරස්ථානය වෙනුවෙන් සිංහල නීතීඥයින් සිව්දෙනෙකු පෙනී සිට තිබෙනවා.

කෙසේ වෙතත් අධිකරණ නියෝගය නොතකමින් විහාරය ආසන්නයේ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ කටයුතු සිදුකර ඇති අතර එම අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් විසින් විරෝධය දැක්වීම හේතුවෙන් උණුසුම් තත්වයක්ද ඇතිවිය.

https://youtu.be/J24083x6s14

Related posts

කොරියාවේ නව ශ්‍රී ලංකා තානාපති පොලිස්පති පූජිත් ජයසුන්දර ?

colombotoday

සජිත්ගේ කැම්පේන් මැනේජර් මලික් !

colombotoday

Listen up: 3 Canadian fashion podcasts you should hear

colombotoday

2021 IPL – ඩැනියෙල් සෑම්ස්ටත් කොවිඩ්

colombotoday

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

Admin

අවුරුදු කටේ දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

colombotoday