Colombo Today Local News

වෙයන්ගල්ල මුස්ලිම් ගම්මානයේ දෙපිරිසක් අතර දරුණු ගැටුමක්.. පීරකින් ඇන දෙදරු පියෙක් මරා දමලා..

අගලවත්ත, වෙයන්ගල්ල මුස්ලිම් ගම්මානයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පීරකින් ඇනීම නිසා තුවාල ලැබූ 58 හැවිරිදි පස් දරු පියෙකු මියගෝස් තිබෙන බවට වාරතා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ වෙයන්ගල්ල, පන්නිලහේන පදිංචි බුහාරි මොහොමඩ් මුස්තාපා නමැති අයෙක්.

පසුගිය 08 වනදා රාත්‍රියේ දෙපිරිසක් අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එදිනම රාත්‍රිෙය් මියගිය අයගේ නිවසේ තිබූ ත්‍රීෙරාද රථ දෙකක චැසි ආවාරණ රෙදි යම්කිසි අයෙකු විසින් කපා දමා තිබෙනවා.

ඒ පිළිබදව පසුවදා (09) වනදා උදෑසන නැවත බහින්බස්වීමක් සිදුව තිබෙන අතර එය දුරදිග ගොස් මියගිය අයට පීරකින් ඇන තිබෙනවා.

මෙම මරණය පිළිබදව සැකපිට මුස්ලිම් ජාතික පිරිමින් දෙදෙනෙකු. කාන්තාවන් දෙදෙනෙකු අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

භාරකාර රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.. අලුත් ඇමතිවරු මෙන්න..

colombotoday

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

colombotoday

රවීගේ ඇමති ආරක්ෂකයෝ පාසල් ආරක්ෂාවට යවනවලු

colombotoday

විනාඩි 10ට දුම්රිය ආසන ලක්‍ෂයක් බුක් වෙයි

colombotoday

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

Admin

දියව් දියව් ශරියා දියව්.. අපේ නීතියට අත නොතබව්.. තව්හිද් ජමාත් කොටුව අහුරා විරොධයේ

colombotoday