Colombo Today Local News

කිසිම ත‍්‍රස්තවාදියකුට නිදැල්ලේ සිටීමට ඉඩ දෙන්නේ නෑ – යුද හමුදාපති

අපි යුද්ධයක් ජයගත් රටක්. රටේ ආරක්ෂාව සඳහා අප තවදුරටත් කැපවී සිටිනවා යැයි ශී‍්‍ර ලංකා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගැටඹේ කී‍්‍රඩාංගණයේදී පෙරේදා (7 දා) පැවති ‘දියකාවා’ මුදා ගැනීමේ ආදර්ශ මෙහෙයුමක් අවසානයේ පැවසීය.

තම ප‍්‍රධාන අරමුණ රටේ ආරක්‍ෂාව බවද ඒ සඳහා කැපවී සිටින බවද යුද හමුදාපතිවරයා කීය.

‘දියකාවා’ වැනි පුහුණුවීම් අභ්‍යාස වරින්වර පවත්වමින් යුද හමුදා භටයන්ගේ කි‍්‍රයා ශූරත්වය තව තවත් වර්ධනය කරමින් ශක්තිමත් යුද හමුදාවක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

මෙදින පැවති ‘දියකාවා’ අභ්‍යාසයට විදේශ රටවල් එකොළහක භටයන් එක්වූ බවත් හදිසි ඔත්තුවක් අනුව සැඟවී සිටි ත‍්‍රස්තවාදියකු අත්අඩංගුවට ගන්නා අයුරු කි‍්‍රයාන්විතව ප‍්‍රදර්ශනය කළ බවත් හමුදාපතිවරයා පැවසීය.

කිසිදු ත‍්‍රස්තවාදියකුට නිදැල්ලේ සිටීමට ඉඩ නොදෙන බව පැවසූ හමුදාපතිවරයා ඉකුත්දා සිදුවූ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවට සම්බන්ධ සැකකරුවන් රැුසක් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින බවද පැවසීය.

තවදුරටත් සැකකරුවන් සිටී නම් මෙහෙයුම් හා සෝදිසි මගින් ඔවුන්ද අත්අඩංගුවට ගන්නා බවත් මෙවැනි දියකාවා අභ්‍යාස ස්ථාන කීපයකදී පවත්වන බවත් හෙතෙම පැවසීය.

සෙංකඩගලපුර ඓතිහාසික ගැටඹේතොට ආසන්නයේ නාගරික කී‍්‍රඩාංගණයේදී පැවති අභ්‍යාස හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් යොදා ගනිමින් ඒ අසල මහානාම විiාලයේ ඉහළ මහලයේ සැඟවී සිටි ත‍්‍රස්තවාදියකු අත්අඩංගුවට ගන්නා අයුරු මෙහිදී ප‍්‍රදර්ශනය කරන ලදි.

මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර, මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, බි‍්‍රගේඩියර් සනත් අලූවිහාරේ, කපිතාන් රකිත ගුණතිලක යන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

මාස තුනක ණය හා පොලී ගෙවීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගනී

colombotoday

විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව !

colombotoday

“ක්‍රීඩකයන්ට නෙවෙයි ක්‍රිකට් වනසන පරිපාලනයට හූ කියන්න.. ව්‍යසනය නිමා කරන්න කාලය හරි” – අර්ජුනගෙන් ලිපියක් (Video)

colombotoday

“පනතට අත තියනු එපා“ මහ නාහිමියන්ගෙන් සැරට අහගෙන බුද්ධ ශාසන ඇමති ආපසු හැරෙයි

colombotoday

මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගොඩදාන්න මහජන මතය හදන වැඩේ රාජිතට !

colombotoday