Colombo Today Local NewsTop Stories

ජමාත්තේ ඉස්ලාමි ත්‍රස්ත නායකයා අත්අඩංගුවට ගත්තේ සාක්ෂියක් නොමැතිවයි. ඔහුව අපේ සමාජයට මුදාහරින්න – මුජබර් රහුමාන් කියයි

ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ කිසිදු සාක්ෂියක් නොමැතිව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටිනවා.

හජ්ජුල් අක්බර් බේරුවල නලීමියා විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් නීතිය පිළිබඳව උපාධියක් ලැබූ විද්වතෙක් බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් “ජමාත්තේ ඉස්ලාමි” සංවිධානය පිළිබඳව ගුණ වයුමක්ද සිදුකරන ලදි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී ඇති අතර අජ්ජුල් අක්බාර් ලෙස හඳුන්වන මෙම පුද්ගලයා අන්තවාදී මුස්ලිම් තරුණයන් රැසක් පසුගිය කාල සීමාවේදී තුර්කිය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්තානය වැනි රටවලට යවා ඔවුන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා යොමු කර ඇති බවද අනාවරණය වී තිබේ.

Related posts

පාසල් වෑන් හිමිකරුවන්ට ලිසිං සහනය මාස 06කින් දීර්ඝ කරයි

colombotoday

හොර වැඩ එළිවෙනවාට බයේ බදුර්දීන් අමාත්‍යාංශයේ සිංහල සේවකයන් පහළම තට්ටුවට දමයි !

colombotoday

ශිෂ්‍යත්වය අහෝසි කරනවාට ගුරු සංගම් හරහට හිටී…

colombotoday

“මම ජනාධිපතිටත් හිතවත්,බ්‍රිතානයේ පොලිසියට පැමිණිලි කරනවා.” Colombo Today ට Blue ocean සමාගමෙන් බලපෑම්

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

ඔක්: 1 සිට දුම්රිය ගාස්තුත් ඉහළට

colombotoday