Colombo Today Local News

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේවන විට ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පවසනවා.
දරුවන් සඳහා දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද සමුළුව අමතමිනුයි  වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය මේ බව කියා සිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට නිකුත් කරන එම උප්පැන්න සහතිකයෙන් මාපියන් විවාහකද යන තීරුව ඉවත්කර ඇති බවයි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත්වු යෝජනාවක් සලකා බලමින් එම තීරණය ගත් බවයි ඇය පෙන්වා දෙන්නේ.


සමුළුව අමතමින් ඇය කියා සිටියේ, ස්ත්‍රී දුෂණවල වින්දිතයන් බවට පත්වන්නන්ගේ දරුවන් සම්බන්ධයෙන් මතුවන ගැටළු, සමාජ ගැටළු විසඳගැනීමට් සහ එම වින්දිතයන් මුහුණදෙන දුෂ්කරතා, නින්දා සහ අපහාස අවම කරගැනීමට් මෙමගින් අපේක්ෂා කරන බවයි.


ඒ අනුව මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට සිදුවු සෑම උපතකටම, මාර්තු මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ නව උප්පැන්න සහතිකය නිකුත් කරන බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියා.

Related posts

හිටපු අගමැති මහින්දගෙන් නව අගමැති රනිල්ට සුබ පැතුම්

colombotoday

මැතිවරණ කොමිසමටත් අධිකරණයෙන් නියෝගයක්…

colombotoday

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

හිටපු කොටි සාමාජිකයන් දහයක් නිදහස ලබා ගෙදර යයි (PHOTOS)

colombotoday