Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එක් කර නොගන්න – කොටි හිතවාදීන් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් සහභාගී නොකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත යුතු බව කොටි හිතවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන ගෝලීය ද්‍රවිඩ සංසදය යෝජනා කර ඇත.

 ශ්‍රී ලංකා හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් එම්මානුවෙල් දේවගතිවරයාගේ නායකත්වයෙන් යුත් ගෝලීය ද්‍රවිඩ සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මූලික කර ගත් එම සංවිධානය වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකා හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම වැනි අසාධාරණ හා අයුක්තිසහගත ක‍්‍රියා , ශ්‍රී ලංකා රජය විසින් ගනිමින් සිටින බැවින් ජාත්‍යන්තරයද ඊට දැනෙන සුළු විරෝධයක් එල්ල කල යුතු බවද එම සංසදය එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

ඊට මුලික පියවරක් ලෙස තමන්ද ලබන සැප්තැම්බර් මාසයේදී ජිනීවා නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දක්වන බවද ගෝලීය ද්‍රවිධ සංසදය කියා සිටී.

එැබවින් ලංකාවට ලබාදී ඇති වෙළඳ හා බදු සහන ඉවත්කරගැනීමට ජාත්‍යන්තර කටයුතු කල යුතු බවත්, අන්තර් රාජ්‍ය මිලිටරි සහයෝගීතාවයන් සඳහා ශ්‍රී ලංකා හමුදා සහභාගී කරවා ගැනීම පිළිබඳවද ජාත්‍යන්තර සිතා බැලිය යුතු බව එම සංසදය සිය නිවේදනයෙන් පෙන්වා දේ.

Related posts

මාන්කුලම් සංවර්ධනයට වන රක්ෂිත අක්කර 7200ක් වනසයි !!

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට

colombotoday

අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.

colombotoday

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කල යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා අතරට

Admin

බස්රථවල පාර්සල් ප්‍රවාහනය තහනම්, අනවශ්‍ය ගමන්බිමන් එපා…

colombotoday

ක්‍රිකට් තරගයට පෙර ලංකාවට ඇවිත් නිරෝධායනය වෙන්න බංග්ලාදේශය අකමැති වෙයි

colombotoday