Colombo Today Local News

කොළඹ මහා විද්‍යාල මාවත මොහොමඩ් මහරූෆ් මාවත ලෙස වෙනස් කිරීමට සැරසෙයි.

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ජින්තුපිටිය නාගරික කොට්ඨාශයේ වරිපනම් අංක 23 සහ මසන්ගස් වීදිය නාගරික කොට්ඨාශයේ වරිපනම් අංක 24 බී අතරින් ආරම්භ වී වරිපනම් අංක 239 සහ වරිපනම් අංක 254 අතරින් අවසන් වන මහා විද්‍යාල මාවත මොහොමඩ් මහරූෆ් මාවත යනුවෙන් නැවත නම් කිරීමට යෝජනාවක් දැනට කොළඹ මහ නගර සභාවේ සාකච්ඡා වෙමින් පවතියි.

යථෝක්ත මාර්ගයට මෙම නාමය යෙදීම සම්බන්ධව එම මාර්ගයෙහි පදිංචිකරුවන්ගෙන් හා ප්‍රදේශය පිළිගත් සංවිධානවල යම්කිසි විරුද්ධතාවක් ඇතොත් එම විරෝධතාව ලිඛිතව 2019 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 4.15 වෙන තෙක් බාරගන්නා බව සඳහන් කරමින් කොළඹ මහ නගර සභාවේ නාගරික ලේකම් වසන්ති රත්නපාල මහත්මිය දැන්වීම් පළකර ඇත.

වසර ගණනාවක් “මහා විද්‍යාල මාවත” ලෙස හැඳින්වූ ජනප්‍රිය විද්‍යාල ගණනාවක් ඇති මෙම මාර්ගයේ නාමය වෙනස් කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර Colombo Today සිදුකල විමසීමකදී සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් ප්‍රකාශකර සිටියේ එළෙඹෙන සඳුදා සිට කොළඹ නගර සභාවේ මෙම ක්‍රියාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related posts

බැඳුම්කරේට විද්ද ‘ටයි කෝට් හොරු අර්ථසාධකේටත් රිංගයි

colombotoday

භික්ෂූන් වහන්සේලා දෙදාහක් සමග පැවිදි හඩත් ජන සටන පාද යාත්‍රාවේ

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කයම පොහොට්ටුවට.. චන්ද්‍රිකාගේ අත්තනගලු බළකොටුවත් පොහොට්ටුවට

colombotoday

බොරු මැණික් පෙන්වා රන් හුවමාරු කළ තුනකට වැඩ වරදී

Admin

දේශබන්දු සැකකරුවකු කරන්න නීතිපතිවරයා දුන් ලිපිය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අතුරු නියෝගයක්

Admin

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday