Colombo Today Local News

රාජිත, චම්පික සජිත් හමුවෙයි… සහයදීමට එකගයි !

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් හමුවී ඇති අතර එම සාකච්ඡාව අගෝස්තු 12 වැනිදා කොළඹ ස්ථාන දෙකකදී පවත්වා ඇතැයි සතිඅන්ත ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත් වාර්තාවට අනුව, එම හමුවේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර ඇත්තේ මුලින්ම සන්ධානය බිහිකර පසුව අපේක්ෂකයා තෝරා ගැනීම තමන් දරන ස්ථාවරය බවය. එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන ගැටළු විසඳාගෙන සජිත් ප්‍රේමදාස, ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම් තමන්ට ඒ පිළිබඳව ගැටළුවක් නොමැති බවද ඔහු එහිදී සජිත් ප්‍රේමදාස වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් එජාපය ඉදිරි ජනාධිපතිවරණයට තනියෙන් ඉදිරිපත් වන්නට සැලසුම් කරන්නේ නම් ඒ පිළිබඳව ද තමන්ට ගැටළුවක් නොමැති බව චම්පික රණවක අමාත්‍යවරයා එහිදී සජිත් ප්‍රේමදාස වෙත පවසා ඇත.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා අවශ්‍ය සටන තනියෙන් කරන්නට තීරණය කර ඇතිද කියාය. ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ටීඑන්ඒ සහ ජවිපෙ සහය ලබා ගැනීම අනිවාර්ය බව ප්‍රකාශ කර ඇති රාජිත සේනාරත්න ඒ සඳහා සූදානම් දැයි විමසා ඇත.

එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මේ මොහොතේ එජාපය තුළ උද්ගතවී ඇති ගැටළු ඉක්මනින් විසඳාගත යුතු බවය.”

Related posts

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

colombotoday

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday

කොත්තු මිල පහළට

Admin

මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑ

colombotoday

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

colombotoday

ඤාණසාර හිමිට නිදහස ලබා දෙන්නැයි බුද්ධ ශාසන ඇමති, ජනපතිගෙන් ලිඛිතව ඉල්ලයි…

colombotoday