World

අද සිට නෙදර්ලන්තයේ බුර්කාව සහ නිකාබය තහනම්

නෙදර්ලන්තය බුර්කාව හෝ නිකාබය හෝ සහ මුහුණු ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කරමින් නීතියක් ගෙනා අතර එය අද (1) සිට ක්‍රියාත්මක වන බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

මේ අනුව පොදු ගොඩනැගිලි තුළදී සහ ප්‍රවාහන සේවාවලදී මුහුණු ආවරණය වන ඇඳුම් පැළැඳීම තහනම් වේ. මෙම නව නීතිය සම්බන්ධයෙන් නෙදර්ලන්තය තුළ යම් මතභේදකාරී තත්ත්වයක් ද උද්ගත විය.

මිලියන 17ක ජනතාවක් ජීවත්වන නෙදර්ලන්තයේ 200ත් 400ත් අතර කාන්තාවන් පිරිසක් නිකාබය හෝ බුර්කාව හෝ පළඳින බව පැවසේ.

බුර්කාව හෝ නිකාබය හෝ මුහුණ ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කෙරෙන යෝජනාව නෙදර්ලන්තය තුළ සම්මත වූයේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ එරට අන්ත දක්ෂිණාංෂික දේශපාලනඥයකු වූ ජියර්ට් විල්ඩර්ස්  මහතා පැවැසීය. ඒ 2005 වසරේදීය.

ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රියාව වන රටවලද මීට සමාන නීති ක්‍රියාත්මක වේ.

Related posts

ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය වෙයි

colombotoday

ඉන්දියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් – රෝගීන් 13ක් මරුට

colombotoday

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

colombotoday

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යළි ඉහළට

colombotoday

ට්‍රම්ප් – පූටින් අත්වැල්බැදගනී.. ඉස්ලාම් ත්‍රස්තවාදයට උණ ගැනෙන පාඩමක් ළගදීම !

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin