Colombo Today Sports News

අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

අයි.සී.සී. ය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන ඇත. එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික අයි.සී.සී.ය ප්‍රකාශ කරයි. ඊයේ (18දා) පැවති එහි කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ සියළුදෙනාගේ කැමැත්තෙන බව වාර්තා වේ.

මේ අනුව අදාළ තහනම ක්‍රියාත්මක වන කාළය තුළදී අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන අරමුදල් නවතා ඇති අතර අයි.සී.සී. ය සංවිධානය කරන කිසිදු තරගයකට සහභාගි වීමට සිම්බාබ්වේට හැකියාවක් නොලැබෙනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අයි.සී.සීය විසින් දන්වා නොමැත. මීට පෙර පසුගිය මසදී අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සියළු සාමාජිකයන්ගේ තනතුරු අත්හිටුවීමටද ක්‍රියා කළහ.

Related posts

රග්බි කිරුළ මෙවරත් නවසීලන්තයටයි !

colombotoday

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday

ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක තරගය අද

Admin

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

colombotoday

ඊයේ වැඩ පෙන්වූ අසේල ගුණරත්න, මිලියන 6ක් සමග අද මුම්බායි ඉන්ඩියන්ස් පිළට !

colombotoday

20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පෙරහුරු තරගය අද

colombotoday