Colombo Today Local News

බදියුදීන්ට ඇමතිධූරය ලබාදෙනවාට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත්  අමාත්‍යධූරයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය පල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  මහතා පැවැසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන්  රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබියදී යළිත් ඔහුට අමාත්‍යධූරයක් ලබාදීම අනුමත කළ නොහැකි බවත්  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වන සියලු චෝදනා විභාග කර අවසන් වනතෙක් ඔහුට අමාත්‍යධූරයක් ලබානොදෙන ලෙසට රජයේ ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවැසීය.

එල්ල වී ඇති චෝදනා සියල්ලටම නිවැරදිකරු වුවහොත් පමණක් රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධූරයක් ලබාදීමේදී ගැටලුවක් නැතැයිද හේෂා විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම්.

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

දවල්ට මෛත්‍රී එක්ක.. රෑට මහින්ද එක්ක, ඩීල් දමන ඇමතිවරයෙක් ගැන හෙළිකරයි

colombotoday

බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග

colombotoday

ඒකාබද්ධය බලය උරගා බලන්න යයි… පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්

colombotoday

නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කළ දුලිප් ඒකාබද්ධ විපක්ෂයට

colombotoday