Colombo Today Local News

මුලතිව් ගුරුකන්ද විහාරයේ වස් ආරාධනා පින්කම නවත්වන්න මුලතිව් පොලීසිය දැනුම් දෙයි

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ජූලි මස 05 සහ 06 වනදා පැවැත්වීමට නියමිත වස් ආරාධනා පින්කම නවත්වන්නයි මුලතිව් පොලීසිය මගින් දායක සභාව වෙත දැනුම් දී ඇතැයි ගුරුකන්ද පුරාණ රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසුවේය.

ලබන 05 වනදා සහ 06 වනදා ගුරුකන්ද රජමහාවිහාරයේ සිදු කෙරෙන වස් ආරාධනා පින්කමට අමතරව 06 වනදා පන්සලේ පිහිටි දේවාලයේද හින්දු බැතිමතුන් පිරිසක් විසින් දේව මෙහෙයක් සිදු කිරීමට සූදානම් වීම හේතුවෙන් වස් ආරාධනා පින්කම නවත්වන්නැයි මුලතිව්හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පන්සලේ දායක සභාව වෙතට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී ඇත.

එමෙන්ම අදාළ පොලිස් නිලධාරියා විසින් 05 වනදා සහ 06 වනදා සිදු කෙරෙන වස් ආරාධනා පින්කම සිදු කරන්නේ නම් අධිකරණ තහනම් නියෝගයක් මගින් නවතා දැමීමට පියවර ගන්නා බවටද එදින පන්සල් භූමියට ඇතුළු වන සියලු පුද්ගලයින් පරික්ෂා කොට ඇතුළු කිරීමටත් පියවර ගන්නා බවටද අදාළ පොලිස් නිලධාරියා විසින් දායක සභාවට දැනුම් දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දායක සභා සාමාජිකයින් කියා සිටින්නේ අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක එක් පාර්ශවයකට පමණක් ආගමික වතාවත් සිදු කිරීමට පොලීසිය කටයුතු කිරීම අසාධාරණයක් දෙපාර්ශවයේම ආගමික වතාවන් සිදු කිරීමේදී කිසිවෙකුටත් බාධාවක් නොවන අයුරින් සිදු කරගත යුතු බවට අධිකරණයෙන් දැනුම් දී තිබෙන අවස්ථාවක පොලීසිය මගින් තහනම් නියෝගයක් ලබා දෙන්නේ නම් දෙපාර්ශවයටම ලබා දිය යුතු හෙයින් පන්සල් භූමියක මෙවැනි සිදුවීමක් පිළිබඳව අස්ගිරි හා මල්වතු පාර්ශවයන් වෙතට දැනුම් දීමට පියවර ගන්නා බවටත්ය.

Related posts

ඉන්ධන පිරවුම්හල් වලට ස්වයංක්‍රීය පොම්ප සවිකිරීමට සැලසුම්

Admin

සියලුම වර්ගයේ ඉන්ධන මිල රු.100කින් අඩු කළ හැකියි – සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය කියයි

Admin

යකා සම්පත් අත්අඩංගුවට

colombotoday

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගුටි ඇනගෙන තිදෙනෙක් රෝහලට

Admin

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

colombotoday

ජනපතිගේ රහස් හොයන්න එජාපයෙන් චර පුරුෂ මාධ්‍ය කණ්ඩායමක්!

colombotoday