Colombo Today Local News

පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට

ඉන්දියාවේ කොයිම්බතොර්හි පන්සල් හා පල්ලිවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ථ සංවිධානයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය පසුගියදා කොයිම්බතෝර්හි කළ සෝදිසි මෙහෙයුම්වලට අදාළව තවදුරටත් කළ විමර්ශනවලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

මෙම සැකකරුවන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ මතවාද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට පරීක්ෂණවලදී හෙළිව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් මොහොමඩ් හුසේන්, සහජාන් හා ෂෙයික් ශාෆියුල්ලාහ් යන අවුරුදු 26-38 අතර පසුවන්නෝ වෙති.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අයි.එස්. මතවාදී අදහස් දෙමළ භාෂාවට පරිවර්තනය කර කොයිම්බතෝර් තරුණයන් වෙත ලබාදී ඔවුන්ව අයි.එස්. මතවාදයට නැඹුරු කර ගැනීමට කටයුතු කර ඇති බවටත් තහවුරු කරගෙන තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයන් සිදුකළ ත්‍රස්තවාදීන් පිළිබඳව ඔවුහු දැඩි උන්නදුවකින් කථා කර ඇති බවටත් විමර්ශනවලදී හෙළිව තිබේ.

Related posts

හබරාදුව ග්‍රාමසේවකවරයෙක් උපකාරක පන්තියට ආ සිසුවා අපයෝජනය කරලා

colombotoday

රජයේ බලධරීන් පොරොන්දුව කඩයි… චීනයෙන් පරිත්‍යාග කළ බුදුපිළිම වහන්සේලා තවමත් රේගුවේ..

colombotoday

ජනපතිට එරෙහි NGO විරෝධතාවයට 9 දෙනෙක් පමණයි

colombotoday

සමාජ ජාලාවලිනුත් ඡන්ද ප්‍රචාර තහනම්… නීති කැඩුවොත් වැඩ වරදී…

colombotoday

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

ජනපතිට විරුද්ධ නඩු ෆයිල් අරන් NGO ලොක්කියක් රට පනී… ලන්ඩන් කොටි ක්‍රියාකාරිනියකගේ නිවසේ නවතී… ස්විස් පැන්න කන්දප්පාගේ හිතවතියක් !

colombotoday