Colombo Today Local Newsfeatured

රතන හිමි බැලීමට ඥානසාර හිමි දළදා මාලිගයට. හෙට දහවල් 12 වෙනතුරු ආණ්ඩුවට කල් දෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා මළුවේ උපවාසයක නිරත වෙන පුජ්‍ය අතුරලියේ රතන හිමිට සහයෝගය පළකිරීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (2) උදැසන එහි වැඩම කර සිටියා.

එහිදී මාධ්‍ය අමතමින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියේ, අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, ආණ්ඩුකාර හිස්බුල්ලා සහ අසාද් සාලි ඔවුන් දරන තනතුරුවලින් ඉවත්කිරීම සඳහා හෙට(3) දහවල් 12 වන තුරු රජයට කල් ලබා දෙන බවයි. එය සිදු කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේනම් සමස්ත සංඝයා එකතුව රටපුරා මෙම අරගලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවත් ඥානසාර හිමි මෙහිදී අවධාරණය කර සිටියා.

කුමන දේශපාලන මතවාද දැරුවද මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන යන අරගලයේදී තමන් වහන්සේ ඕනෑම පාර්ශවයක් සමග කොන්දේසි විරහිතව එකතුව කටයුතු කිරීමට සුදානම් බවත් ඥානසාර හිමි මෙහිදී පැවසීය.

Related posts

වැටලීමකදී අතුරුදන්වූ කොස්තාපල්වරයාගෙ සිරුර හමුවෙයි

Admin

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට දඩ

Admin

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin

පෞද්ගලික රෝහල් කොරෝනා රෝගීන්ව හුරගෙන කයි – මුජිබර්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

colombotoday

එට්කා ගිවිසුම ඉදිරියට ගෙන යාම ගැන රනිල්ගෙන් අනුරට පැසසුම්

Admin