ආරක්ෂක හමුදාවලට එල්ල කරන බරපතළ චෝදනාවලට රජය විසින් නිසි ප්රතිචාර නොදැක්වීම පිළිබඳව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමිල් වීරවංශ මහතා ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කොට තිබේ. එසේම මානව හිමිකම් කොමසාරිස් විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තා ත්රිත්වය මගින් ශ්රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එල්ල කරන බරපතළ, අභූත හා අසාධාරණ චෝදනාවලට රජය විසින් සාධාරණ ප්රතිචාරයක් නොදැක්වා තිබෙන බවද වීරවංශ මහතා අවධාරණය කරයි.
එම සම්පූර්ණ ලිපිය පහතින්