Colombo Today Local News

මූතූර් ගෙංගෙයි පාලම යටින් අවි තොගයක් හමුවෙයි…

මූතූර් ප්‍රදේශයේ ගෙංගෙයි පාලම යට ඊයේ (20)  දින නාවික හමුදා කිමිදුම් අංශය විසින් සිදු කළ මෙහෙයුමකින් අවි ආයුධ කිහිපයක් සොයා ගෙන ඇත.

මෙම මස 18 සහ 19 යන දෙදින තුල ගෙංගෙයි පාලම යට ධීවර දැල් වල පැටලී බෝර 12  වර්ගයේ ගිනි අවියක් සහ අත් බෝම්බයක් හමුවී ඇති අතර,  ඒ සම්බන්ධයෙන් වැඩිදුර සෝදිසි කිරීම සඳහා නාවික හමුදාව ගෙංගෙයි පාලම යට කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි.

එම කිමිදුම් මෙහෙයුම මඟින් බෝර තුවක්කු 03 ක්, බෝර තුවක්කු බැරල් 02 ක්, ටී 56 ගිනි අවියක් සමඟ මැගසින් 05 ක්, අත් බෝම්බ 05 ක් සහ මිමි 7.62 x 39 පතොරම් 203 ක් සොයා ගැනීමට සමත්ව ඇත. එම අවි ආයුධ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මූතූර්, පොලිසිය වෙත භාර දිමට කටයුතු කරන ඇත.

Related posts

ලඩියාට – ලැටීට රතු නිවේදන

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday

රටේ වැඩිපුර ඇති කලුගල් අපනයනය කරන්න සූදානම්

Admin

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

colombotoday

හිස් පතුරොම්කොපු රැගෙන දළදා මාලිගයට අයෙක්ගේ අල්ලයි

Admin

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

colombotoday