Colombo Today Local News

කොච්චිකඩේ මරාගෙන මැරුණු ත්‍රස්තයාගේ බිරිද පළමු දරුවා බිහිකරයි…

පාස්කු ඉරිදා දින කොච්චිකඬේ දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකළ අලව්දීන් අහමද් නමැත්තාගේ බිරිඳ සිය පළමු දරුවා බිහිකර තිබෙනවා.


ත්‍රස්ත ප්‍රහාරය එල්ලකළ අලව්දීන් අහමද්ගේ පියා විසින් මේ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


අලව්දීන්, විවාහපත්වි දැනට වසරකුත් මාස 02 ක් ගතවි ඇති අතර ඔහුගේ බිරිඳ විසින් සිය පළමු දරුවා මේ මස 05 වැනි දින බිහිකර ඇති බවයි අධිකරණයේදී හෙළිවි ඇත්තේ.


එසේම අලව්දීන් නමැත්තා දරුවන් 05 දෙනෙකුගෙන් යුතු සිය පවුලේ සිව්වැනි දරුවා බවද ඔහුගේ පියා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

සාමකාමී විරෝධතාකරුවන්ට අනවශ්‍ය ලෙස බලය යෙදවීම හෙළා දකිනවා – යුරෝපා සංගමය

colombotoday

සුදුසුකම් නොලත් තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් 17 දෙනෙකු තානාපති සේවයට – ගයන්ත කරුණාතිලක

colombotoday

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

Admin

අලුත් අමාත්‍යාංශවලට අලුත් වාහන ගැනීම ජනපති නියෝගයෙන් අත්හිටුවයි !

colombotoday

ලංකාවේ දේශපාලන අලකලංචිය ගැන ජපානයේ මතය මෙන්න

colombotoday