Colombo Today Local News

විහිළු ප්‍රකාශ නවත්තලා මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන කටයුතු කළ යුතුයි – රවීගෙන් මංගලට ටොක්කක්

අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (16) අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබන, පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන්ගේ සුවදුක් විමසීමට කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි අවස්ථාවේධීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසීය.

” මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ.

ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී තිබෙන යම් යම් ආකාරයේ ගැටුම්, සිත්තැවුල් ආදිය සමනය කර, ජනතාව සාමකාමී තත්ත්වයකට පත්කිරීමයි.

මේ සම්බන්ධයෙන් අප කළයුතු එකම දේ තමයි ජාතියක් වශයෙන් එකට නැගී සිටීම. ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීමටනම් අප කළයුතු වන්නේ එක්සත්ව වැඩකිරීමයි.

එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම තමයි අවශ්‍ය වන්නේ. අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි

Related posts

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් තාවකාලිකව නවතී

colombotoday

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී මාසික වැටුප සිරගත බුද්ධි නිලධාරීන්ගේ සුබසාධනයට

colombotoday

අයි.එම්.එෆ් සාකච්ඡා කල් ගියේ ඇයි?

Admin

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday

සීනි පාලන මිල අද සිට ඉවතට | සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර

colombotoday