Colombo Today Local News

විදේශීය සරණාගතයින් 1670ක් ශ්‍රී ලංකාවේ… වැඩිම පිරිස පාකිස්ථානුවන්…

සරණාගතභාවය සහ දේශපාලන රැකවල් පතා පැමිණි විදේශීය සරණාගතයින් 1670 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් මාර්තු 31 වැනිදා  වනවිට විදේශික සරණාගතයින් 851දෙනෙකු සහ දේශපාලන රැකවල් ඉල්ලා පැමිණි විදේශිකයින් 819 දෙනෙකු ලංකාවේ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාල නිල වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

ලංකාවේ සිටින විදේශීය සරණාගතයින්ගෙන් වැඩි පිරිසක් පකිස්ථානු ජාතිකයෝ වෙති. පකිස්ථානුවෝ 608 දෙනෙක් සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයීය රැකවල් යටතේ මෙරට රැඳී සිටිති. මීට අමතරව ඇෆ්ඝනිස්ථානයෙන් සරණාගත පිරිස් 146 ක්ද,  මියන්මාරයෙන් 34 ක්ද, ඉරානයෙන් 22 ක්ද,  සිරියාවෙන් 14 ක්ද, යේමනයෙන් 13 ක්ද,  පලස්තීනයෙන් 9 ක්ද,  එරිත්‍රියාවෙන් 2 ක්ද, සෝමාලියාව,  මාලදිවයින හා ටියුනීසියාවෙන් එක් අයෙකු බැගින්ද  සරණගතයෝ ලංකාවේ රැඳී සිටිති.

දේශපාලන රැකවල් පතා පැමිණි විදේශිකයින් 819 දෙනාගෙන් 733 ක් පකිස්ථාන ජාතිකයින් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය නිල වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

එම පිරිසට අමතරව ඇෆ්ගනිස්ථානුවෝ 55 ක්,  නයිජීරියානුවෝ 8 ක්,  ඉරාන ජාතිකයෝ 8 ක්,  සුඩානවාසීහු 4 ක්,  මාලදිවයින හා යේමන ජාතිකයෝ 3ක්, බංගලාදේශ ජාතිකයෝ 2 ක්ද, පලස්තීනය,  සිරියාව,  ඉන්දියාව රටවල්වලින් පුද්ගලයන් 1 බැගින්ද වන විදේශිකයෝ  මෙරට දේශපාලන රැකවල් ඉල්ලා සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය  හා ශ්‍රී ලංකා ආණ්ඩුව ඇති කර ගත් එකඟතාව මත මොවුහු මෙරට  රැඳී සිටිති.

Related posts

පන්නිපිටිය උණුසුම්… බෝධිය කපා ඉවත් කිරීමට එරෙහිව විරෝධතා.. පොලීසිය සීරුවෙන් !!

colombotoday

කොටි ආයුධ සැපයුම්කරු රෙජී ගේ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවත් ඉවතට !

colombotoday

රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට

colombotoday

නව නීතිපතිවරයා ලෙස රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

එජාපයට කැමති වාර්තාවක් හදාගන්න ඉඩදී හදුන්නෙත්ති COPE සභාපතිකමෙන් ඉවත්වෙයි

colombotoday

රාජ්‍ය ආදායමෙන් 96%ක්ම ණය ගෙවනවා.. සංවර්ධනයට 4%යි

colombotoday