Colombo Today Local News

කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක්

කුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් සිංහල ජනතාව පහරදෙනු ඇතැයි බියෙන් හා සිංහල ජනතාවට මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් පහරදෙනු ඇතැයි බියෙන් පසුවන බවද හෙතෙම පවසා සිටියේය.

බුද්ධි අංශ තොරතුරු මත නිවාස දෙක තුනක් පරීක්ෂා කිරීම සිදු කරන බවත්, මෙම තත්ත්වය නිසා සිංහල ජනතාව විවිධ සැක සංකා මතුකර ගෙන සිටින බවත් ඔහු කියා සිටියේය.

මෙම ගැටුම්කාරී තත්ත්ව වැළැක්වීම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස විශාල උත්සාහයක් ගත් බවත්, එහෙත් අතිවිශාල පිරිසක් එක් රැස්වී සිටි නිසා පිරිස පාලනය කර ගැනීමට නොහැකි වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ නිසා ජනතා කොටස් දෙක අතරේම ඇති වී තිබෙන අවිශ්වාසය දුරු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද අද (14දා) දින පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහලේකම්වරයා පවසා සිටියේය.

Related posts

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

පොලිස් වැටුප 40%කින් ඉහළට !!

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ

colombotoday

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

ගම්මන්පිලව හිරේ දාන්න ගහපු ගේමක් රන්ජන්ගේ හඩ පටයෙන් එළියට !

colombotoday