Colombo Today Local News

මුස්ලිම් ආගමික අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා ලැබූ මුස්ලිම් ජාතිකයන් 200 ක් රට තුළ !

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය මත විදෙස් මුස්ලිම් ජාතිකයන් 200 කට වැඩි පිරිකට මෙරට මුස්ලිම් ආගමික කටයුතු සිදු කිරීම සඳහා නේවාසික වීසා නිකුත් කර ඇති බව හෙළි වී තිබේ.

පකිස්තානය, ඊජිප්තුව, බංග්ලාදේශය, සෞදි ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයන්ට මෙසේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා නිකුත් කර තිබේ. මෙම පුද්ගලයන් අතර වහාබ්වාදය ඇතුළු අන්තවාදී ඉගැන්වීම් සිදු කරන පුද්ගලයන් සිටින්නේද යන්න සම්බන්ධයෙන් සැක කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් නේවාසික වීසා ලබාදීම සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවට රජය තීරණය කර තිබේ. ඊට හේතු වී ඇත්තේ විවිධ ආයතනවල නිර්දේශය මත නේවාසික වීසා ලබා දීමේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි විවිධ අන්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයන්ට රට තුළට පැමිණීමට ඉඩකඩ විවර වීමයි.

මේ නිසා නේවාසික වීසා ලබාදීමේදී ඒ සඳහා රාජ්‍ය බුද්ධි අංශයේ අනුමැතිය ලබා ගැනීම මින් ඉදිරියට අනිවාර්ය වේ. ඒ අනුව මින් පසු කිසිදු විදේශිකයෙකුට රාජ්‍ය බුද්ධි අංශයේ අනුමැතිය නොමැතිව නේවාසික වීසා ලබා ගැනීමට නොහැකි වනු ඇත.

මේ වනවිටත් රට තුළ නේවාසික වීසා මත රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන්ද රාජ්‍ය බුද්ධි අංශය හරහා වාර්තා ලබා ගැනීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

Related posts

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

Admin

මානව හිමිකම් සැසිවාරය අතරතුර ජිනීවාහී වීදි සැරිසරන ප්‍රභාකරන්ගේ රුව (Photo)

colombotoday

කසළ ප්‍රතිඅපනය කිරීම, සරුංගල්, සුවද දුම්, වෙසක් පහන් ආනයනය කිරීම තහනම් කෙරේ

colombotoday

ඇවන්ගාඩ් ගැන රාජිත මාධ්‍යයට පට්ටපල් බොරු කියලා, අගමැති නොසතුටින්

colombotoday

“වාද විවාද අනවශ්‍යයි…” භූමිතෙල් වැඩිකළ හේතුව අගමැති හෙළිකරයි…

colombotoday

පුංචි පුතා පාසල් ගිය පළමු දවසේම මරුවා අරන් යයි

colombotoday