Colombo Today Local News

බුර්කාවෙන් මළගෙදරකට ගිය 23 හැවිරිදි තරුණිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට…!

හලාවත ජයබිම ප‍්‍රදේශයේ පැවැති අවමංගල්‍ය ස්ථානයකට  මුහුණ වසා ගෙන පැමිණි මුස්ලිම් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප‍්‍රදේශවාසීන් විසින් හලාවත පොලීසියට කළ දැනුම් දීමකට අනුව හලාවත පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ සැමියාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් තරුණිය 23 හැවිරිදි වියේ පසුවන අතර ඇය එම ප‍්‍රදේශයේම පදිංචිකාරියක් බවයි වාර්තා වුනේ. 26 හැවිරිදි ඇගේ සැමියා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර විවාහයෙන් පසු ඔහු ද එම ප‍්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙනවා.

සැකකරු සහ සැකකාරිය හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රටේ පැවති තත්වය හේතුකර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම පසුගිය අප්‍රේල් 29 වනදා සිට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගනු ලැබුවා. ඒ අනුව අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි ලෙස මුහුණු ආවරණය කරගෙන යාම නීතියෙන් වරදක් වන අතර එවැනි අය ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක අංශ වෙත පැවරී තිබෙනවා

Related posts

ණය බර දරාගත නොහැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

colombotoday

අමිත් වීරසිංහ තවදුරටත් රිමාන්ඩ්…

colombotoday

ජීවිතේ පළවෙනි වතාවට අනුන් හැදූ වාර්තාවක් කියෙව්වා – ජනපති බැදුම්කර ප්‍රකාශය ගැන කියන කතාව

colombotoday

යහපාලන ඇමතිකමෙන් ඉවත්වූ පියංකර FCID යට !

colombotoday

ලේකම්වරු අස් නොකලානම් තමුසෙලා විපක්ෂයේ – සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්

colombotoday

ETCA තීන්දුයි.. සියළු වෘත්තිකයන් සමග රජයේ දොස්තර සංගමය මහ සටනකට සැරසෙයි

colombotoday