Colombo Today Local News

මේකට සිංහලයොත් වගකිව යුතුයි. – මුස්ලිම් නියෝජිතයෝ අනුර කුමාර හමුවී කියති

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සිංහල ජනතාවද වගකිව යුතු බව මුස්ලිම් නියෝජිතයින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවී පවසා තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ එක් නියෝජිතයෙකු සඳහන් කර සිටියේ,
“අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන් මීට ඉස්සර හැම වෙලේම හැම අවස්ථාවකම ප්‍රශ්නයක් ඇති උනහම බහුතර මානසිකත්වයෙන් තමයි ප්‍රශ්න විසඳන්න හදන්නේ.ඒක වැරදියි.”

“මම හිතන විදිහට සිංහල ජනතාවත් මේකට වග කිව යුතුයි. මුස්ලිම් අයට ප්‍රහාර කිහිපයක් ආවා.එකක් එකක් නෙවෙයි. පසුගිය අවුරුදුවල දවසට එකක් වගේ ප්‍රහාර සිදු වුණා. කොහේ හරි ගිනි තියෙනවා… පල්ලියකට ගහනවා… මේ සියලුම දේවල් එක්ක මුස්ලිම් අය ඉතා විමසිලිමත්ව හිටියා.”

“ඉස්ලාම් ආගමේ කියලා නැහැ මට අද කවුරු හරි මෙතන ගැහුවනම් වෙනත් කෙනෙකුට ගහන්න කියලා. ඉස්ලාම් ඒක අනුමත කරන්නේ නැහැ. කවුරුහරි අද කොළඹ ගැහුවනම් කවුරුහරි මුස්ලිම් එක්කෙනෙක් කුරුණෑගල ඉන්න සිංහල මනුස්සයෙක්ට ගහන්ඩ ආගමේ අනුමත කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඉවසිලිමත්ව හිටියේ මේ කාලයේදී.”

“කිහිප වතාවක්ම දැනුවත් කරා හුඟක් අයට මේක මෙහෙම යන්ඩ ඉඩ දෙන්න එපා කියලා. ඕනෑම එක්කෙනෙක් කොටු වෙනකොට සතෙක් වගේ හැසිරෙන්නේ. මනුස්සයෙක් වගේ නෙමෙයි. මේ තත්වෙට යන්න දෙන්න ඉඩ තියන්න එපා කියලා අපි කිව්වා. ඇයි කියලා කිව්වා නම්, අපිට දන්නෙ නැහැ කොහෙන් කොහොම මේක කෙළවර වෙයිද කියලා. අපේ තරුණ වයසේ අය සමහර වෙලාවට කිවුවා අපි නම් පිරිමි නෙවෙයි කියලා. ඒ විතරක් නෙමෙයි මෙහෙම ගුටි කකා ඉන්නද කියන්නේ කියලා කිව්වා. ඉතින් මේ නිසා මට හිතෙනවා.. මගේ මතය මේකට සිංහල ජනතාවත් වගකිව යුතුයි යම් ප්‍රමාණයකට.”

ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් සංවිධාන කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) දින පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, යන්ග් මුස්ලිම් මෙන් ඇසෝසියේෂන්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය, මුස්ලිම් නීතිඥයින්ගේ සංවිධානය, මුස්ලිම් වියතුන්ගේ සභාව, ජාතික සූරා සභාව ඇතුළු සංවිධාන නියෝජනය කරමින් මුස්ලිම් සංවිධාන නායකයින් මෙම සාකච්ඡාවට සහභාගි විය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි විය.

Related posts

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

colombotoday

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

colombotoday

ෂරියා මේ රටට එන්න ඕන.. දෙමාපියන්ට මිදෙන්න බැරි ‘ශිර්ක් කුෆර්’ගැන කියන ෂැංග්‍රිලා බෝම්බකරුගේ හඬ පටය

colombotoday

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

නවත්තන්න එපා කියලා පොලිස්පතිතුමා කිවුවේ. – DIG දේශබන්දු තෙන්නකෝන් කිවුවා – හිටපු ඇමති රමේෂ් පතිරණ හෙළිකරයි.

colombotoday

මහ බැංකුව කොල්ලකෑ අය සමෘද්ධියත් කොල්ල කන්න හදනවා…

colombotoday