Colombo Today Local News

පල්ලිවලින් අල්ලන කඩු, කිණිසි, අවි ආයුධ මින් ඉදිරියට පෙන්වීම තහනම් – රජයෙන් මාධ්‍ය ආයතනවල නියෝග

ට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන කඩු,කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා සියලු මාධ්‍යවලට අද(09) උපදෙස් ලබා දී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගන්නා අවි ආයුද මාධ්‍ය හරහා ජනතාවට පෙන්වීමෙන් මුස්ලිම් ජනතාව පිළිබදව වැරදි මතයක් ගොඩ නැගෙන බවත්, මෙම සිදුවීම් හේතුවෙන් මුස්ලිම් ජනතාව දඩි අපහසුතාවකට ලක්ව සිටින බැවින් සහ සංහිදියාවට බාධාවක් වන බැවින් එම දර්ශන විකාශය නොකරන්නැයි උලමා සභාව ඇතුළු මුස්ලිම් සංවිධාන කිහිපයක් රජයෙන් ඉල්ලීම් කර තිබිණි.

රට පුරා මුස්ලිම් පල්ලිවලින් සහ මුස්ලිම් ජාතිකයන් සතුව තිබී කඩු කිණිසි, පුපුරණද්‍රව්‍ය ඇතුළු ජනඝාතක අවි දහස් ගණනින් පසුගිය දින කිහිපය පුරා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර, සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකව ඇත.

Related posts

UN නියෝගයෙන් තවත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළගදීම අත්අඩංගුවට

colombotoday

බස්රථ සහ දුම්රිය ගමන් වාර ඉහළට

colombotoday

සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය

Admin

ජාතික ඉන්ධන බලපත්‍රයට මිලියන 6ක් ලියාපදිංචි වෙයි

colombotoday

කළුතර සිසුවියගේ මරණයට ලැගුම්හල හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

Admin

රාත්‍රියේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday