Colombo Today Local News

මට ත්‍රස්තවාදියෙක් කීවා, එනිසා මම වන්දි ඉල්ලා නඩු දානවා – තව්හිද් ජමාත් රාසික්

පසුගිය පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේ තමන් විසින් බවට ඇමැති රාජිත සේනාරත්න විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් සිදුවුන කලකට පෙර බුදුන් වහන්සේට අපහාස කරමින් ආගමික ගැටුම් ඇවිලවීමට කටයුත කළ සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධාන ලේකම් අබ්දුර් රාසික් පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඇමැති රාජිත සේනාරත්න විසින් කරන ලද එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

තම සංවිධානයට ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමග කිසිදු සංවිධානයක් සම්බන්ධයක් නැති බව ද ඔහු කියා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් තම සංවිධානය වැටුප් ලබා ගෙන ඇතැයි ඇමැති රාජිත සේනාරත්න විසින් එල්ල කරන ලද චෝදනාව බැහැර කර ඔහු කිසිදු අවස්ථාවක හිටපු ආරක්ෂක ලේකම්වරයා මුණ ගැසී හෝ නැතැයිද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ඇමැති රාජිත සේනාරත්න මහතාට විරුද්ධව වන්දි ඉල්ලා අපහාස නඩු පවරන බවද මාධ්‍ය හමුවේ ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් දීපු ගම්පහ ටියුෂන් සර් කවුද ?

colombotoday

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

colombotoday

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin

ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි

Admin

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලියේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Admin

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday