Colombo Today Local News

ඇල්ලූ ලිපිය රාජ්‍ය විරෝධී නෑ… ඒක හැදුවේ මගේ අමාත්‍යංශයේ, ඒත් මම මොකුත් දන්නෑ…

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පොලිස් භාරයට ගැනුණු සැකසහිත ලිපි 600 තම අමාත්‍යාංශය යටතේ සකස් කළ ඒවා බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අදාළ ලිපිය වෙබ් අඩවියකින් උපුටා ගත් එක්ක බවත්, එහි කිසිඳු රාජ්‍ය විරෝධී තොරතුරු ඇතුළත් නොමැති බවත්ය.

හැකිනම් එම ලිපිය මාධ්‍යයට මුදා හරින ලෙස ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදි පොලීසියෙන් ඉල්ලීමක් ද කළා.

කෙසේවෙතත් මතභේදාත්මක මෙම ලිපියේ ඇතුළත් කරුණු හෝ ලිපිය බෙදා හැරීම පිළිබඳ තමන් දැනුවත් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

Related posts

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin

අවසර ලැබූවන්ට හැර කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

colombotoday

බීමත් රියදුරන් අල්ලන්න සමාජ ශාලා ආසන්නයේ පොලීසිය යොදවයි

colombotoday

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂය 02 වෙනිදා මාතරදී එළිදකී

colombotoday

“සියලුම ජාතිවාදී ගැටුම් මෙහෙයවන්නේ ගෝඨාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේ“ – එස්.බී

colombotoday

“ආවා” කල්ලියේ පහරදීමකින් “රොක්” කල්ලියේ දෙන්නෙක් රෝහලේ

colombotoday