Colombo Today Local News

සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන්

ත්‍රස්ත ප්‍රහාරය නිසා සංචාරක ඇණවුම් අවලංගු වීමෙන් දළ වශයෙන් අමෙරිකානු ඩොලර් කෝටි 250ක පමණ පාඩුවක් මේ වසරේ මෙරටට සිදුවනු ඇතැයි රජය තාවකාලිකව ගණන් බලා ඇත. මෙය රුපියල් කෝටි 45,000 ඉක්මවන ප්‍රමාණයකි.

පසුගිය 2018 වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයෝ ලක්ෂ 24ක් පමණ පැමිණියහ. ඔවුන්ගෙන් අමෙරිකානු ඩොලර් කෝටි 450ක පමණ ආදායමක් රටට හිමිවිය. 2019 වසරේ සංචාරකයන් ලක්ෂ 26කට අධික පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කෙරුණේ අප රට ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ඉහළම තත්ත්වයට පත්වීම නිසාය. ඒ අයගෙන් අමෙරිකානු ඩොලර් කෝටි 550ක පමණ විදේශ මූල්‍ය ආදායමක් අපේක්ෂා කෙරිණි. එහෙත් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරක ඇණවුම් 50%ත් 60%ත් අතර ප්‍රමාණයක් අවලංගුව ඇත. ඇතැම් ප්‍රධාන පෙළේ හෝටල්වල සංචාරක ඇණවුම් 90%ක් පමණ අවලංගු කර තිබේ.

විදේශ සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන්ද සිය ඇණවුම් අවලංගු කර ඇති බැවින් හෝටල් ක්ෂේත්‍රය ප්‍රබල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇති බව මේ ගැන දේශයට කරැණු දැක්වූ මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

දේශය

Related posts

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

මකියන් තංගවේලූ කොටියා ලන්ඩන් ත‍්‍රස්ත මර්දන පොලිස් අත්අඩංගුවට

colombotoday

නිවෙස්ගත ප්‍රතිකාර සඳහා එක්වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්

colombotoday

හදිසි නීතිය ඉවතට!

colombotoday

“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Video

colombotoday

“කවදාවත් නැති විදිහට හජ් වන්දනා කෝටාවත් අඩු කරලා.. ආණ්ඩුව ගැන ලැජ්ජයි” – අසාත් සාලි

colombotoday