ශ්‍රී ලංකා රජය කතා කිරීමේ නිදහස නැති කර ඇති බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පවසනවා.
සිරගත කොට සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ හමුදා බුද්ධි අංශයේ රණවිරුවන් දහස් කර ගැනීම සඳහා තමාට කළ හැකි සියලු දේ කරන බවට සඳහන් කරමින් ෆේස්බුක් වෙබ් අඩවියට තමා විසින් ඊයේ දින පෝස්ටුවක් එක් කළ බව සඳහන් කරන ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පරිශීලනය කරන්නන් පනස් දහසකට අධික ප්‍රමාණයක් ඒ සඳහා Like කර එකතු වී සිටි බවත් ප්‍රකාශ කර සිටියා.
කෙසේ වෙතත් මේ වන විට එය ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර ඇති බවත්, ආණ්ඩුව මූලික වී නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවහිර කර ඇති බව බවත් ඔහු චෝදනා කර සිටියා.
Colombo Today වෙත දුරකථනය ඔස්සේ ඔහු දැක් වූ අදහස්….