Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

තව්හීද් ජමාත් නමින් පෙනී සිටින සියල්ලන් IS ට සහය දක්වන අන්තවාදීන් – මුස්ලිම් සංවිධානයක් හෙළිකරයි

‘තවිහිද් ජමාත්‘ නමින් මෙරටතුළ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වන අතර එම සියළු කණ්ඩායම් සෘජුම ISIS ත්‍රස්වාදී මතවාදයට සහය දෙන්නන් බව සුන්නාහ් ට්‍රස්ට් ශ්‍රී ලංකා ඉස්ලාමීය සංවිධානය පවසයි.

එහි ප්‍රකාකයෙකු වන එම්.ඉන්තිකාබ් මහතා මේ බව හෙළිදරව් කළේ 2017 වසරේ මාර්තු මාසයේදී කාත්තන්කුඩියේ ඇතිවූ ගැටුමක් පිළිබදව කලම්බුටුඩේ වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබා දෙමින්.

ජාතික තව්හිද් ජමාත් කල්ලියේ ප්‍රධානී මොහොමඩ් කාසිම් සහරාන්

කොළඹදී සිදුවූ මරාගෙන මැරෙන බෝ්ම්බ ප්‍රහාරය ‘ජාතික තව්හිද් ජමාත්‘ නම් සංවිධානයක් විසින් සැලසුම් කර ඇති බවට බුද්ධි අංශ වාර්තාවක් මේ වන විට සමාජගතව ඇති අතර එම වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මේ වන විට රජයද පිළිගෙන තිබේ.

ඉන්තිකාබ් මහතා කලම්බුටුඩේ වෙත ලබාදුන් ප්‍රකාශය ඉහත බුද්ධි අංශ වාර්තාවෙන් හෙළිකල ‘ජාතික තව්හිද් ජමාත්‘ සංවිධානය හා වෙනත් මුස්ලිම් සංවිධානයක් අතර ඇතිවූ ගැටුමකට අදාල එකක් වේ. එමෙන්ම ආන්දෝලනයට ලක්වූ බුදුන් වහන්සේට අපහාස කරමින් වීඩියෝපට නිකුත් කළ ශ්‍රී ලංකා තව්හිද් ජමාත්‘ සංවිධානයද ISIS මතවාද ප්‍රචලිත කිරීම සදහා ක්‍රියාත්මකව සිටින බවද ඉන්තිකාබ් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා තව්හිද් ජමාත් කල්ලියේ ප්‍රදානී අබ්දුල් රසීක්දීන්

තව්හීද් ජමාත් ආගමික මතවාදය ප්‍රචලිත කරන ආගමික කල්ලියේ මූලස්ථානය තමිල්නාඩුව කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක වන අතර, මෙරට ක්‍රියාත්මක වන සියලුම තව්හිද් කල්ලි එම මව් සංවිධානයේ අභාෂය ලැබූවන් වෙති. එහි ප්‍රධානියෙකු වන ජෙයිනූල් ආබ්දීන් නම් /රටවල් කිහිපයකින් පිටුවහල් කළ භයානක/ පුද්ගලයා මෙරටට ගෙන්වීමට ‘ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය SLTJ පසුගිය 2015 වසරේදී සූදානමින් සිටි අතර මතුවූ විරෝධය නිසා එම උත්සාහය වැළකිනි.

කලක පටන් විවිධ සංවිධාන හා පාර්ශව විසින් අනතුරු ඇගවූ ඉස්ලාමීය අන්තවාදී කල්ලි කණ්ඩායම්වල සැබෑ තත්ත්වය මේ වන විට රට හමුවේ හෙළිදරව්වී අවසානය. එබැවින් අරාබි රටවල මූල්‍යාධාරයෙන් විවිධ නම් වලින් මෙරට තුළ ක්‍රියාත්මක වන මෙම ත්‍රස්තවාදී අංකුර සියල්ල මුලිනුපුටා දැමීමට ආරක්ෂක වහාම ක්‍රියාත්මක විය යුතු අවස්ථාව දැන් එළඹ තිබේ.

සුන්නාහ් ට්‍රස්ට් ශ්‍රී ලංකා සංවිධානයේ එම්.ඉන්තිකාබ් ලබාදුන් ප්‍රකාශය

Related posts

වනිඳුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

Admin

උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

colombotoday

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

පෙරටුගාමීන් “ඉල් විරුවන්” සහ “කොටි විරුවන්” හවුලේ සමරන්න යයි, යාපනේ පුරා පොස්ටර් අලවලා

colombotoday