Colombo Today Local News

අස්ගිරි නාහිමියෝ සොව පලකරයි… රට වැසියන්ගෙන් ඉල්ලීමක්….

අද (21) දින කොළඹ ඇතුලු ස්ථාන කිහිපයක සිදුවූ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව මහත් කම්පනයටත් සංවේගයටත් පත්ව ඇති බව මහවිහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධී ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිදාන මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියි.

කවර ජාතියකට හෝ කවර ආගමකට අයත් අයෙකුය වුවද සිදු වූ මෙම ඛේදවාචකය තමන් තරයේ හෙලා දකින බවත් ඒ හිමියන් ප්‍රකාශ කර සිටියි.

එසේම ජීවිත අහිමි වූ හා තුවාල ලැබූවන්ගේ පවුල්වල අයට සාතිශය සංවේගය පලකර සිටින බවත් තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් උන්වහවන්සේ සඳහන් කර සිටියි.

සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල අංශ වලට භාර දී සියලු දෙනා ඉතා සාමකාමීව සහ දූරදර්ශීව කටයුතු කරන ලෙසත් පඤ්ඤානන්ද ඥානරතනාභිදාන මාහිමිපාණන් සියලු ලක්වාසීන්ගෙන් ඉල්ලි සිටින බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

Related posts

පුත්තලමේ මුස්ලිම් ජාතිකයන් ISIS එපා කියයි…

colombotoday

GSP අපට එපා.. අපේ ආගමික අයිතියට අත නොතබනු.. රජයට එරෙහිව මුස්ලිම් පාර්ශව අවි අමෝරයි !

colombotoday

අර්ජුන් සල්ලි බෙදයි.. මාධ්‍යටත් අල්ලස්.. එජාප COPE සාමාජිකයන්ට බරටම දොල පිදේනි !

colombotoday

ජනපතිතුමනි කයිවාරුව ඇති.. දැන් ඉතින් වැඩ පෙන්නන්න – විමල් ජනපතිට ලියයි

colombotoday

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

ආගමික ස්ථාන වල ආරක්ෂාව ඉවත් කල කතා බොරු

Admin