Colombo Today Local News

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්….

ටකතා  සහ අසත්‍ය  ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන්   විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙය කිසි  විටෙකත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් බවත් තමන් මේ හේතුවෙන් දැඩි කම්පනයට හා  වේදනාවට පත්ව සිටින බවත්  ජනාධිපතිවරයා සඳහන් කළේය.

 ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

“කිසි විටෙක බලාපොරොත්තු නොවු සිදුවීමක්  සිදු වී තිබෙනවා.  මා  මෙන්ම ලක් වැසි සියලු දෙනාම  දැඩි ලෙස  වේදනාවට සහ කම්පනයට පත්ව සිටිනවා. මෙම ප්‍රහාර පිටුපස ඇත්තේ කුමන  කුමන්ත්‍රණයක්ද  යන්න තවම පැහැදිලි නැහැ. මේ පිළිබඳව සෙවීම සඳහා ආරක්ෂක අංශ වට උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුන්  මේ වන විට  ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.

ජනතාවට සන්සුන්ව සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. අනවශ්‍ය කටකතා වලට රැවටෙන්න එපා.  කිසිදු අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. රජය මේ සම්බන්ධ පියවර‍ රැගෙන තිබෙනවා.  එම වගකීම් ඉටු කරනවා.”

Related posts

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

2022 අයවැය අවසන් තත්ත්ව වාර්තාව සභාගත කිරීමට අනුමැතිය

Admin

ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව

colombotoday

පැමිණිලි 108ක් ලැබී ඇති තාත්තයි-පුතයි, බෑණයි බුර්කාවකින් සැරසී වෙස් වලාගත් දුවලා දෙන්නයි රිමාන්ඩ්

colombotoday

මහ කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කෙරේ…

Admin

කුකුළු මස් මිල තවත් ඉහළට

colombotoday