Colombo Today Local News

මත් ජාවාරම්කරුවන් එල්ලන තීරණයට යුරෝපා සංගමයෙන් විරෝධය…

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය යළි අවධාරණය කර ඇත.

මරණ දඩුවම ලංකාවේ ක්‍රියාත්මක කිරීමට තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ 2018 දෙසැම්බර් මස පැවති 73 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී එකඟවූ ආකාරයෙන් ශ්‍රී ලංකා‌ රජය මරණ දඩුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවය.

ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රොමේනියා, නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන මහකොමසාරිස් කාර්යාලවල එකඟතාව අනුව එම සංගමය මේ පිළිබඳ නිවේදනයක් නිකුත්  කර ඇත.

ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකූලව වසර 43 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා මෑතකදී කටයුතු කරමින් සිටින බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය කියා සිටී.

සීඝ්‍රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතල ගැටළුවක් බවත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිගන්නා බවත් යුරෝපා සංගමය සදහන් කරයි.

කෙසේ වෙතත් මරණ දඬුවම යනු ඒ සදහා වන ඵලදායී ප්‍රතිකර්මයක් යන්න සනාථ වී නොමැති තර්කයක් වන අතර මත්කුඩු උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධව ඇති අත්දැකීම් බෙදාහදා ගන්නට ඔවුන් සූදානම් බව නිවේදනය මගින් පෙන්වා දී ඇත.

Related posts

බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කරා – හිටපු ජෙවිපේ අපේක්ෂකයෙක් බුදුන්ට අපහාස කරයි

colombotoday

හෙට පෙරහුරු මැතිවරණයක්

colombotoday

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

colombotoday

ඇහැලියගොඩට සංචරණ සීමා

colombotoday

හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව බෑ… පඩි ගෙවන්න.. වියදමට සල්ලි නෑ.. – ජනපති

colombotoday

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

colombotoday