Colombo Today Local News

රන්ජන් රාමනායක පිරිමි ගණිකාව, සෝමාගේ හොර මිනිහා – නිමල් ලංසා සහ රංජන් අතර ගැටුමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් දිනයේ අදහස් පළ කරමින් රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාට දැඩි චෝදනාවක් එල්ල කළේය.

ලේඛණ පවා සභා ගත කරමින් ඔහු කියා සිටියේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ මූල්‍ය වංචාවට වගකිව යුත්තන්ට දඬුවම් දීම අවහිර කරනු ලබන්නේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා විසින් බවයි.

සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාවා රන්ජන් රාමනායක පට්ට හොරෙක් බවත් ඔහු කියා සිටියේය.

ඊට ප‍්‍රතිචාර චක්වමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ මීගමුවවේ කුඩු රජා නිමල් ලංසා මහතා බවයි.

එහිදී භාවිතා වූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි මූලාසනය විසින් නියෝග කරන ලදී.

ජේසු පල්ලා කුඩු ගෙනාවේ නැතැයි දිවුරන ලෙසත් එසේ කලහොත් තමන් ඉල්ලා අස්වන බවටත් රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද අභියෝගය එවෙලේම බාර ගනිමින් ලංසා මහතා කියා සිටියේ තමන් ජේසු පල්ලා බුදුන් පල්ලා කුඩු ගෙන්වා නැති බවයි. නමුත් රන්ජන් රාමනායක මහතා ඉල්ලා අස්වූ බවත් දිනව අවසන් වන තෙක් වාර්තා නොවීය.

Related posts

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

colombotoday

අනුරාධපුරේ හිමිවරු 8 නමක් උපවාසයක

colombotoday

රාජපක්ෂ යුගයේ බැදුම්කර ගනුදෙනු නිසා රජයට බිලියන දහදාහක් ගෙවන්න වෙලා – අගමැති

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් හමුවූ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා යයි…

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

BBC වැඩසටහනක චතුර සේනාරත්න විහිළුවක් වෙයි

colombotoday