තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව නිතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ නීතිඥධුරය වසර තුනකට අත්හිටුවීමට නියෝග කළේය. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවට පත්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරිමේ චෝදනාවට අදාළවය.
“නාගහනන්ද කිසිම දේකට සැලෙන්නේ නෑ. මේක නාගහනන්ද පන්නරය ලබන තවත් දෙයක්. මේ නියෝගය වහාම අවලංගු කිරිම සඳහා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකරනවා . නාගහනන්ද කිසිවෙටකත් ඒංගලන්තයට යන්නේ නෑ” යැයි සිය සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.