Colombo Today Local News

අත්හිටවූ මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී මාරු වීම් යලි ක්‍රියාත්මකයි

අවිධිමත් ලෙස සිදුවන සංවර්ධන නිලධාරී ස්ථාන මාරුවීම් හේතුවෙන් ප්‍රාදේශීය සභාවල කටයුතු නිසි පරිදි කරගෙන යාමට නොහැකි බවට සහ විශේෂ පුහුණුව ලැබූ සංවර්ධන නිලධාරීන් මාරු වී යාම හේතුවෙන් පුහුණු කිරීම් සඳහා යොදවන විශාල මුදලක් අපතේ යන බවට ලැබුණු පැමිණිලි මත මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරීගේ සියලුම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පසුගියදා නියෝග කර සිටියා.

එම තීරණයට විරුද්ධව ඊයේ(14) මහනුවර ඔරලෝසු කනුව අසල උද්ඝෝෂණයක් පැවති අතර අනතුරුව පිරිස ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණියා. එහිදී සංවර්ධන නිලධාරීන් දස දෙනෙකුට පමණක් ආණ්ඩුකාරවරයා මුණ ගැසීමට අවස්ථාව හිමිවූ අතර දැනට සේවය කරන ආයතනයට විශේෂ අවශ්‍යතාවක් නොමැති සංවර්ධන නිලධාරීන්, ඔවුන් සේවය කරන ආයතනයේ ප්‍රධානියා නිර්දේශ කරන්නේනම් පමණක් ස්ථාන මාරුවීම් ලබාදීමට හැකියාව පවතින බව ආණ්ඩුකාරවරයා දන්වන ලදි. ඒ සඳහා උද්ඝෝෂණයේ යෙදුනු සංවර්ධන නිලධාරීන් කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ස්ථාන මාරුවීම් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ආණ්ඩුකාරවරයා විසින් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලබා දෙන ලදි.

ඒ අනුව මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී ස්ථාන මාරුවීම් කොන්දේසිවලට යටත්ව ඊයේ සිට යලි ක්‍රියාත්මකවී ඇත.

Related posts

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයන්න CIDයෙන් කණ්ඩායම් තුනක්

colombotoday

ඉවැන්ජලිකල් පල්ලියකට පහර දුන් බවට ඥානසාර හිමිට එරෙහි අභියාචනය නීතිපති ඉල්ලා අස්කරගනී

colombotoday

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නැ කියලා මගේ කේන්දරේ තියනවා.. අනිත් අය වගේ විජයදාසත් ලගදීම ඉවරයි

colombotoday

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

රවි කරුණානායක මන්ත්‍රිතුමා ඉතාම නිවැරදියි.මිළ ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවලා තිබෙන නිසා. ගම්මන්පිල

colombotoday