Colombo Today Local News

මන්නාරම, සිලාවතුර නාවික කදවුරේ ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක්…

මන්නාරම – මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශිලාවතුර ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා කඳවුර  පිහිටි භූමියේ ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දෙන්නැයි ඉල්ලමින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට අදට (13දා) දින 19ක් ගෙවුණද මෙතෙක් විසඳුමක් නොමැති බවට එම වැසියෝ පැවැසූහ. 

මේ අතර සමාජ සහ ආර්ථික  සංවර්ධනය පිළිබඳ වූ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ අදාළ සත්‍යග්‍රහය පැවැති ස්ථානයට ගොස් ඔවුන්ගේද පූර්ණ සහාය ලබා දෙන බවට සත්‍යග්‍රහයේ  යෙදී සිටින වැසියන්ට  පැවැසූහ. 

 සත්‍යග්‍රහයේ යෙදී සිටින වැසියන් පවසා සිටින්නේ යුදමය තත්ත්වය හේතුවෙන් 1990 වසරේ සිලාවතුර ප්‍රදේශයේ තම ඉඩම් අතහැර කල්පිටිය ප්‍රදේශයේ අවතැන් කඳවුරු වෙත ගොස් ජීවත් වූ බවත් යුද සමයේදී තමන්ගේ ඉඩම්වල නාවික හමුදා කඳවුරක් ඉදිකොට තිබුණද යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමන්ගේ මුල් ඉඩම් තමන්ට නැවත ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි සේ අසරණව සිටින හෙයින් අදාළ ඉඩම් නැවත ලබා දෙන ලෙසටද මුල් ඉඩම් නොලැබීම හේතුවෙන් 2009 වසරේ  සිට තමන් නැවත වතාවක් අවතැන්ව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචිව සිටින බවත් වර්තමානයේ යුද්ධයක් නොමැති බැවින් නාවික හමුදාව සිය කඳවුරක් වෙනුවෙන් පවරාගෙන ඇති සිලාවතුර මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් අක්කර 35ක භූමි ප්‍රමාණය නැවත ලබාදෙන ලෙසටය.

Related posts

පිදුරංගල තරුණයින්ට නිදහස

colombotoday

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඇමරිකාවේ අවධානයට…

colombotoday

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ​අද

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

colombotoday

බදුර්දීන්ගේ කුණු හෝදන්න ඇවිත්, වියන්ගොඩලා රත්නප්‍රියලා ඇදගෙන නාගනී (Video)

colombotoday