Colombo Today Local Newsfeatured

මන්නාරම සමුහ මිනීවල නිර්මාණය කර ඇත්තේ පෘතුගීසින් හෝ ලන්දේසීන්

මන්නාරම සමූහ මිනිවලක් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව 2019 ජිනීවා මානව හිමිකම් සැසියේදී යුධ අපරාධ චෝදනා නැගීම සඳහා NGO කල්ලි දරු උත්සාහය පුස්සක් කරමින් ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනය විසින් මෙම අස්ථි කොටස් ක්‍රි ව 1499-1719 කාලයට අයත් බවට නිගමනය කර ඇත.

මෝසමක් මගින් නඩුව අද කැඳවලා:

ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ කිරීමට පෙර කොටි ඩයස් පොරා සහ NGO කල්ලිවල උවමනාවට අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටිනවායැයි පවසන නීතීඥවරුන් මන්නාරම සමූහ මිනීවලේ නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවා බීටා ඇනලටික් ආයතනයෙන් එවා තිබූ කාබන් කාල නිර්ණය වාර්තා මුදා හරින ලෙස ඉල්ලීමක් කර ඇත. එය සැලකිල්ලට ගත් මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතා එම වාර්තා මුදාහරින ලෙස අද (7) නියෝග කළේය.

යුධ අපරාධ කර ඇත්තේ පෘතුගිසින් හෝ ලන්දේසීන්

සමුහ මිනී වල පිහිටා ඇත්තේ මන්නාරම බලකොටුව තුල වන අතර ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනය විසින් සිදුකරන ලද නිගමනයන්ට අනුව මෙම අපරාධ සිදුකර ඇත්තේ පෘතුගීසීන් හෝ ලන්දේසීන් වේ. මානව හිමිකම් ගැන කතා කරන NGO බත්බැලයන් සහ කොටි ඩයස්පෝරාව මන්නාරම සමුහ මිනීවල සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා පියවර කුමක්ද? ඔවුන් පෘතුගීසීන්ට හෝ ලන්දේසීන්ට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගෙන ඒවිදැයි ජනතාව විමසිල්ලෙන් පසුවන අතර මෙම නිගමනයන්ට අනුව ජාත්‍යන්තර ප්‍රජාවගේ හැසිරීම කෙබඳු වේවිද?

Related posts

එජාප මන්ත්‍රීවරු 8ක් තනතුරු වෙනුවට කෝටි 50 බැගින් ඉල්ලයි

colombotoday

හැදුවේ පාස්කරලිංගම් , කියෙව්වේ රවී – 2016 අයවැය පටලැවිල්ලේ රහස!

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට එයි

colombotoday

මහින්ද මේ කුණු ගොඩ බාර නොගෙන ඉන්නයි තිබුණෙ…

colombotoday

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

colombotoday

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin