World

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

ඉන්දීය ගුවන් හමුදාවට එරෙහිව පාකිස්තානය විසින් තමන් ලබාදුන් එෆ් -16 වර්ගයේ ප්‍රහාරක යානා උපයෝගී කර ගත්තාද යන්න සම්බන්ධයෙන් අමෙරිකාව  පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

පෙබරවාරි 27 වනදා සිය ගුවන් හමුදා ජෙට් යානාවකට ප්‍රහාර එල්ල කර එය බිම දැමීමට එෆ් -16 ප්‍රහාරක ජෙට් යානා පාකිස්තානය විසින් උපයෝගී කර ගත් බවට ඉන්දියාව චෝදනා එල්ල කරනු ලබනවා.

සිය රටට එරෙහිව අමෙරිකාව විසින් ලබාදුන් ප්‍රහාරක ගුවන් යානා උපයෝගී කර ගැනීම හේතුවෙන් පකිස්තානය විසින් අමෙරිකාව සමග ඇති කර ගෙන තිබු ගිවිසුම උල්ලංඝණය කර ඇති බවයි ඉන්දියාව සඳහන් කරන්නේ.

Related posts

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

වසර දහසකට වඩා පැරණි අප්‍රිකාවේ යෝධ බයෝබැබ් ගස් අභිරහස් ලෙස මියයයි..

colombotoday

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

colombotoday

ඉස්ලාම් අන්තවාදයට බංග්ලාදේශ රජය බැටදෙයි.. අන්තවාදීන් 100ක් අත්අඩංගුවට !

colombotoday

ගෑස් මිල 54% කින් ඉහලට. – එංගලන්තයත් අමාරුවේ වැටෙයි

colombotoday

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

Admin