World

ගුවන් නියමුවා බාර දීමෙන් පසු ඉන්දු-පාකිස්ථාන දේශ සීමාවේ බර අවි ප්‍රහාර ඇවිලෙයි… සිවිල් වැසියන් මරුට…

පාක්ස්ථාන හමුදා අත්අඩංගුවේ පසුවේ ඉන්දීය ගුවන් නියමුවා ඊයේ රාත්‍රිේය්දී නැවත ඉන්දියාවට බාර දිමෙන් අනතුරුව යළිත් දෙපාර්ශවය අතර බර අවි ප්‍රහාර ඇරඹුණු බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජම්මු හා කාශ්මීර් ඉදිරි ආරක්ෂක කළාපයේ පිහිටි අසාද් ප්‍රදේශයේ ගැටුම් දැඩිව පැවති බවයි පැවසෙන්නේ.

දෙපාර්ශවය අතර එල්ල කරගත් බර අවි සහ කෙටිදුර මිසයිල ප්‍රහාර නිසා සිවිල් වැසියන් කිහිප දෙනෙක් මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර ඉන්දීය හමුදාව විසින් පාකිස්ථානයේ ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ කෙටි දුර මිසයිල ප්‍රහාර දෙකක් අසාද් ප්‍රදේශයට ඉහළ අහසේදී සාර්ථකව විනාශ කිරීමට පාකිස්ථාන හමුදාව සමත්වී තිබෙනවා.

https://www.facebook.com/Sathutin/videos/2791036934455154/

Related posts

ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්‌ නීතිපති ගෙදර යවයි

colombotoday

යුක්‍රේනයේ කියෙව් අගනුවර පිපිරීම්

Admin

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

colombotoday

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමකින් Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

colombotoday