වස් මාසයේ දී රට පුරා විහාරස්ථානවල පිංකම් පැවැත්වෙන බැවින් අටපිරකර ද වැඩි වශයෙන් අලෙවි වන බවත් මෙම තත්ත්වය නිසා ව්‍යාජ අන්දමට සැකසූ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වී ඇති බවත් මහා සංඝරත්නය පෙන්වා දෙනවා. කඩදාසි, කාඩ්බෝඩ් සහ ව්‍යාජ රෙදි කැබලි ඇතුළු කරමින් මෙම ව්‍යාජ අටපිරිකර සකස් කර ඇති බවද නිසි පරීක්ෂාවකින් තොරව අටපිරිකර මිලදී ගැනීමෙන් වලකින ලෙසත් විශ්වාසවන්ත තැනකින් පමණක් පූජාභාණ්ඩ මිලදී ගන්නා ලෙසත් මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා.