Colombo Today Local News

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

අලුගෝසු තනතුර සදහා අයදුම්පත් 45ක් පමණ ලැබී ඇතැයි බන්ධනාගාර අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

අද සිට අදාළ අයදුම්පත් පරික්ෂාව ආරම්භ කෙරෙන අතර, ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ කඩිනම් කෙරෙනු ඇති බව සදහන්.

මේ අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා අලුගෝසු තනතුරට විදේශිකයෙකු බදවා ගැනීමට අවධානය යොමුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් නීතිපතිවරයාගේ නිර්දේශ ද සහිතව ජනවාරි 25 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී තිබෙනවා.

එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියමව ඇති රැඳවියන් සංඛ්‍යාව 17කි.

Related posts

ඇතැම් පාසල් වල මේ වනවිට කොවිඩ් ගැන අවධානය අඩුවෙලා.. දෙවන රැල්ලක අවදානම පහව ගොස් නැහැ

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday

අවස්ථානුකූලව නියෝග පැනවීමට සෞඛ්‍ය අධ්‍යක්ෂකට බලය ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

පනත් 3කට සංශෝධන යෝජනා ගැසට් කෙරේ…

Admin

වල් නාශක හා කෘමිනාශක මිල අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

Admin

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday