World

ඉන්දු-පාකිස්ථාන දේශ සීමාව ඇවිළෙයි.. දෙපාර්ශවයෙන්ම බර අවි ප්‍රහාර

සිය දේශසීමාව උල්ලංඝනය කරමින් ඉන්දියාව ඊයේ එල්ලකරනු ලැබු ගුවන් ප්‍රහාරයට පිළිතුරු වශයෙන් පාකිස්ථානය මේවන විට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

ජම්මු හා කාශ්මීර් දේශසීමාවේ පිහිටි ඉන්දීය ආරක්ෂක හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල ඉලක්ක කරගනිමින් පාකිස්ථානු හමුදාව මෝටාර් ඇතුළු බර අවි උපයෝගි කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි ඉන්දීය යුධ හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

දෙරට අතර පවතින සටන් විරාමය උල්ලංඝණය කරමින් පාකිස්ථානය විසින් ආරම්භ කර තිබෙන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පාකිස්ථානු හමුදාවේ මුරපොලවල් 05 ක් විනාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා  සඳහන් කළා.

ඇතිවි තිබෙන උණුසුම් තත්ත්වය හේතුවෙන් දේශසීමාව ආසන්නයේ කිලෝමීටර් 05 ක වපසරිය තුළ සිටින ජනතාවගේ දෛනික කටයුතු මුළුමනින්ම බිඳවැටී ඇති බවද  එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයි

colombotoday

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

colombotoday

උමං දුම්රියපොළේ ප්‍රහාරකයා ආවේ මැදපෙරදිගින්.. රුසියානු බලධාරීන් තහවුරු කරගනී

colombotoday

කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHO

colombotoday

3D තාක්ෂණයෙන් යළි ප්‍රතිනිර්මාණය වූ බාමියන් බුදු පිළිමය

colombotoday

විරෝධතාවයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කළ හමුදා සැරයන්ට වසර 25ක සිරදඬුවමක්

Admin